රෑ දහවල් නොබලා නිකවැරැටියේ දි කොරෝනා එන්නත්


( ප්‍රියාණි මංගලිකා)

 නිකවැරැටිය රෝහල මගින් දිවා රාත්‍රි දෙකෙහිම කොරෝනා මර්ධන එන්නත් ලබාදීමට අද සිට  ආරම්භ කළේය.

නිකවැරටිය සතිපොල භූමියේදී මෙම කටයුත්ත සිදු කරන බව නිකවැරැටිය රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය පමිල අධිකාරි මහතා පැවැසූය. 

වයස 30 ට වැඩි පුද්ගලයන් සඳහා පළමු හා දෙවන එන්නත් මාත්‍රාව ලබා දීම මෙහිදී සිදු කෙරිණි.

රෝහල් වෛද්‍ය අධීකාරී වෛද්‍ය පමිල අධිකාරි මතාගේ උපදෙස් අනුව ,රෝහල් කොරෝනා ඒකකය භාර වෛද්‍ය හේමන්ත විජේරත්න වෛද්‍ය අසංක හේරත් යන මහතුන් ගේ මූලිකත්වයෙන් සෙසු වෛද්‍ය , හෙද හා අනෙකුත් කාර්ය මණ්ඩලවල සහය ඇතිව එන්නත්කරණ කටයුතු සිදු කරයි.

නිකවැරටිය මූලස්ථාන පොලීසිය ,ප්‍රාදේශීය සභාව ,සමූපකාරය යන ආයතනද සහය දක්වයි.